Pages

Tuesday, November 27, 2012

පිය සෙනෙහස


මේ පෝස්ට් එක කොහොම කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ.අපේ ජීවිත වල යොධයා වෙන්නේ තාත්තායි.මවගේ පලමු උණුහුමෙන් පසු ලැබෙන්නේ තාත්තාගේ උණුහුමයි.අප අම්මාගේ කුසට පැමිනි දා පටන් පියා සිටින්නේ දෙලොවක් අතර තනිවීය.මන්ද අම්මා සහ තමන්ගේ එකම පැතුම වන දරුවාද ගැන සිතමිනි.තමන්ගේ ලේ කැටි සිගිත්තා හා බිරිදව දස මසක් පුරාවටම රැක බලා ගැනීම ඔහුගේ යුතුකම සහ වගකීම වේ.බිරිද ඇස් මානයේ නැති විට ඔහු සිටින්නේ හරිම බයකිනි.මෙම දස මාසය තුල ඔහු ගෙවන්නේ ජීවිත දෙකක් ගැන සිතමිනි.


සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහඩිය හෙලා මහ සාගරය වගේ
ඔවදන් දෙනා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කලා අප සමනල පැටවු වගේ


බිරිදකු සීසර් සැත්කමකට ගන්නා විට වෛද‍ය්‍යවරුන් පියාගෙන් අසන්නේ මවටද කිරි කැටි සිගිත්තටද වැඩි වගකීමක් ගන්න ඕන කියලා.එවිට පියා කොතරම් අසරණ වෙනවාද.කුමක්ද දෙන පිලිතුර??????????????????????


සමහර තාත්තලා බිලා ඇවිල්ලා ළමයිනට සහ අම්මට ගහනවා.ඒවුනත් අපි ඒ තාත්තට අත ඔසවන්න බෑ කවදාවත්.මොකද අපිව කුණු බාල්දියකට නොදා උස් මහත් කලාට ඔබට සදා ණය ගැතියි තාත්තේ.ඔබ අපට මොන දේ කලත් ඔබයි මගේ එකම තාත්තා තාත්තේ.....ඔබ නැතුව මට එදා හයියක් නැති උනා.මගේ ලොකයේ එකම යෝධයා ඔබයි.අම්මා මෙන් හොද නරක කියා දුන්නේ ඔබයි.මගේ ආරක්ෂාවට මගේ ලගහිටියේ ඔබයි.දහඩිය වගුරලා මහන්සිය නොබලා මාව ජීවත් කලේ නුඔයි.මගේ ලොකේ දෙවියන් උනේ නුඔයි.හම්බ කරන හැම සතයක්ම වියදන් කලේ මටයි.මව මේ ලොකේ රජෙක් කරලා ආසාවෙන් මාදිහා බලන් සිටියේ ඔබයි මගේ තාත්තේ.


එදා මා ඉපදුනු දා  අල්ල ගත්ත මේ අත ඔබ මිය යන තුරා අත නොහරින බව මා දන්නවා තාත්තේ.
මගේ බර කරට අරන් ජීවිතේ සැමදා ලගින් ඉන්නවා කියලා මම දන්නවා.






මගේ හොදම යලුවෙක් හිටියා.එයා පොඩි කාලේ ගෙදර තිබිලා තියෙන්නේ කටු මැටි ගලා පොල් අතු වහලා.මෙයාගෙ තාත්තා මෙයාලට කොතරම්  ආදරෙද කියල කියනව නම්,ඒ තාත්තා රෑට නිදා ගන්නේ නැතුව එලි වෙන තුරු මෙයාලව රැක බලා ගන්නවා.දවසක් යලුවා උදේ නැගිටලා බලන කොට ගෙදර වටේටම පොලොගුන් දස දෙනෙක් මරලා දාලා ඒ තාත්තා.රෑ එලි වන තුරු ඒ පියා තමන්ගේ දිවි පරදුවට තියල විෂ ගෝර මාරයින්ගෙන් ඒ දරුවන රැක්කා.මේ තමයි පිය සෙනෙහස.තමන්ගේ තාත්තාගේ ආදරය.


1 comment:

  1. අපෙන් උනුසුම් සුබ පැතුම් අලුත් අප්පච්චිට.....

    ReplyDelete