Pages

Sunday, November 25, 2012

Petra Palace

 මම කියුවනේ වැලි කතරේ සේයා රූ ටිකක් දෙනවා කියලා.ඔන්න මම අරගෙන අවා වැලි කතරේ සේයා රූ වගේම මේ රටේ ඉතා වටිනාම දෙයක සේයා රූ ටිකකුත් අර ගෙන අවා.



මේ වැලි කතරේ මේ වගේ නොසැලි සිටින ලස්සන මල් ගසුත් තියෙනවා හෝදේ








එහෙනම් මල් බැලුව ඇති......මේ තියෙන්නේ ලෝක උරුමයන් ගෙන් පලමු ස්ථානයේ අති පෙට් රා මාලිගාවයි.මෙය අපට බලලා ඉවර කරන්න බැරි තරම් ප්‍රදේශයක පැතිරිලා තියෙනවා.කවදාවත් එක දවසකින් නම් මේක බලන්න බෑ.මෙහි හුගක් වටින ඉතිහාසයක් ගැබ් වෙලා තියෙනවා.මෙකේ ඉතිහාසය නම් මම කියන්න දන්නෙනෑ.ගූගල් දෙයියගෙන් තමයි අහගන්න වෙන්නේ.


මේ තියෙන්නේ ඇතුලු වන දොරටුව.අපි නම් මෙහේ අරක් ගත්ත අය නිසා ලංකාවෙ මුදලින් රු 180 ක් දීලා තමයි ඇතුලට පැන ගත්තේ.ටුවරිස් නම් කම්මුතුයි.මොකද දන්නවද එයලට ලංකාවේ මුදලින් රු 9000 ක් විතර ගෙවන්න වෙනවා.




මේ තියෙන්නේ ගිනි අව් කාස්ටකේ අදින්න තියෙන පාර තමයි.


පුංචි මාලිගා කුටියක්.එදා මෙවා කොතරම් ලස්සනට තියෙන්න ඇත්ද




කොහොමද යන පාර.මේක බලන්න.දස දෙසින් කට්ටිය ගලා ගෙන එනවා.මෙහි දවසක ආදායම රුපියල් ලක්ෂ් ගානක් වෙනවා.


කොහොමද පොට් එක පට්ටනේ




ඔය අස්සෙන් පේන්නේ ප්‍රධාන මලිගාව තමයි.





 මේ ඉහල තියෙන සේයා රූ ටික තමයි ප්‍රධාන මාලිගාව.කටකතාවක් තියෙනවා.ක්ලියෝපෙට් රා බිසව මෙහි හිටියා කියලා.

 අප්පේ මේ ඉන්නෙ හොද යාළුවෙක්.කාන්තාරයේ නෞව්කාව තමයි


 ආ.....මෙයාගෙන් තමයි මෙහේ ඒ කිවුවේ පෙට් රා වල බඩු ප්‍රවාහනය කරන්නේ.හැබැයි එයා ලගින් ඉන්න එක්කෙනා නම් නෙවෙයි.දෙනනම එක වගේද.


පහලින් තියෙන්නේ මෙහේ තියෙන තව මාලිගාවල නටබුන්









 මේ පහලින් තියෙන මලිගාවේ සේයා රුව දැක්කම Mortal Kombat
චිත්‍ර පටය මතක වෙනව නේද.මෙතන තමයි එම චිත්‍ර පටයේ කොටසක් අරන් තියෙන්නේ.



කොහොමද වැඩ... මේවා හදන්නේ අතින් තමයි.හදනව දැක්කම පුදුම හිතෙනවා කරන්නේ කොහොමද කියලා.





මේ තියෙන්නේ ගුහ නිර්මාණ
 























යාලුවෝ දෙන්නෙක් පොඩි චැට් එකක් දාගෙන වගේ....ලස්සනයි ද.......

2 comments:

  1. ඔය'Library'එක හිදෙන්න එපා කියල ප්‍රාර්තනා කරනව.''good luck machan.''

    ReplyDelete